Font size:
සිතිවිලි ඔපලා දිය ඇලි සේ සරසා මව්වරු සිටියා ඉපනැලිසේ ඉවසා (ඒ බෝසත් ගුණ දකිනා දරුවන් ඉර හඳ සේ මුළු ලොවට වටිනවා...//) කඳුලැලි සඟවා හසරැලි මුව ගවසා පියවරු සිටියා කඳුවැටි සේ වටලා ඒ බෝසත් ගුණ දකිනා...// සෙනෙහස දල්වා සඳමිණිකැන් අතුරා ගුරුවරු සිටියා ගණදෙවි බල පතුරා ඒ බෝසත් ගුණ දකිනා...// සිතිවිලි ඔපලා දියඇලි සේ.... ඒ බෝසත් ගුණ දකිනා...//
Data
Last updated May 2026