Home/Songs/සොවින් බර

සොවින් බර

Sowin Bara

Music: ක්ලැරන්ස් විජේවර්ධන Lyrics: හේමසිරි හල්පිට
Font size:
සොවින් බර නුවන් විදාලා
තැවුල් පැවසුවා හඩාලා 
යොවුන් ආදරේ අපේ 
ගියේ ඇයි මෙසේ බිදිලා ...//

හදේ ජනිත වූ අමාවන් 
සැබෑ ආදරේ අපේ 
මුසාවන් නිසා අනුන්ගේ බිදිලා ගියා 
අහංකාර වූ සිනාවෙන් 
අපේ ආදරේ දවාලු 
ලොවේ චෝදනා නිසා 
මැවෙයි වේදනා...

සොවින් බර නුවන් .../

සදාතනික වූ හැඟීමෙන් 
මගේ ජිවිතේ පුරා 
යාවුනා කියා සිතු මුත් ඔබේ ආදරේ 
කඳුලින් කොපුල් තෙමාලු 
මගේ ආදරේ මකාලූ 
ඔබේ චේතනා නිසා සිතේ වේදනා...

සොවින් බර නුවන් .../

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.