Home/Songs/මං නුඹෙම ද

මං නුඹෙම ද

Man Numbemada

Music: තිලිණ රුහුණගේ Lyrics: රචිත වාකිෂ්ට
Font size:
මං නුඹෙම ද අහන හිතින්
නුඹ මගෙමද හිතනවා නම්
මං විතරද අහන මුවින්
මගෙ විතරද කියනවා නම්

සාගරේ හඬ දිගේ
මේ ගඟ ගලනවා නම් 
මං නුඹේ නුඹ මගේ
අපි අපේ විතර නම්

සඳ අහසට රළු පොළව දුරයි කියනවා
එක ඉවුරේ දෙතැනක ඇයි අහනවා
කිසිවක් නොඅසා ගං දිය පහලට ගලා යනවානම්
අපි ගැන දන්නා කවුරුත් තව නෑ
(අපි අපේ විතර නම්)...//

මං නුඹෙම ද අහන හිතින්
නුඹ මගෙමද හිතනවා නම්
මං විතරද අහන මුවින්
මගෙ විතරද කියනවා නම්

(සාගරේ හඬ දිගේ
මේ ගඟ ගලනවා නම් 
මං නුඹේ නුඹ මගේ
අපි අපේ විතර නම්)..//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.