Home/Songs/මම දෝංකාරයයි

මම දෝංකාරයයි

Mama Donkarayai

Music: චිත්‍රාල් සෝමපාල Lyrics: අසෝක හඳගම
Font size:
පෙමින් වෙලී ඔබ ඔබේම රුව වෙත
ගඟ දිය වෙතටම දෑස් යොමාගෙන
සිඳෙන තුරා දිවි බවුන් වඩන්නද
මම දෝංකාරයයි ඔබටම පෙම් බැඳ
ඔබ ලුහු බැඳ එන සිඟමින් ඔබේ ආදර
මගේ ආදරේ ඒ ගඟ දිය මත දෝංකාර වී
මා වෙතටම එයි ඔබට ඇසෙන්නේ නෑ
කුමක් කරන්නද...
මම දෝංකාරයයි ඔබටම පෙම් බැඳ
ඔබ ලුහු බැඳ එන සිඟමින් ඔබේ ආදර...

දිය ගං කැඩපත අවුල් කරන්නට සිත් දෙන්නෑ මට
පෙමින් වෙලුණු ඔබේ  හද පෑරෙන බව දන්න නිසා මම
පියෙන තුරා ඔබ මම නෑ තැවෙන් නෑ
ඔබට පිදූ පෙම කඳුලු නිම්නයේ දෝංකාර දී
මම ද මියෙන්නම්...
(මම දෝංකාරයයි ඔබටම පෙම් බැඳ
ඔබ ලුහු බැඳ එන සිඟමින් ඔබේ ආදර...//)
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.