Font size:
මගේ ඔරුකඳත් දිරාලා කොල්ලෑවේ ලණු කැඩීලා නමුත් මුහුදු යායුතු රැක ගන්න ජීවිතේ මගෙ බිරිඳ නිදිමරන් සාදා දුන් බතුත් අරන් මහ සයුරට යන්නේ හද පුරවා ගෙනත් පැතුම් අව්ව සැරයි සුළන් වැඩියි සැඩ සුළගින් රුවලත් ඉරිලා යයි මහ සයුරේ රළ නැග ඒවී ජීවන මරණය අතර සටනකි මහ දියඹේ අඝාදයේහි දරුවන් රකින්න ඈතට යනවා තෝරුන් හා ලොකු ලොකු මෝරුන් මම වෙරළ පුරා ගොඩට ගේනවා වෙරළ දිගේ සුදු වැල්ලේ මා එනතුරු දරුවන් මග බලා හිඳී වෙහෙසවෙලා දවස ගෙවාලා මම දෙවි පිහිටෙන් ආපසු එන්නේ
Singers
Data
Last updated May 2026