Home/Songs/වේවා සුභ නව වසරක්

වේවා සුභ නව වසරක්

Wewa Suba Nawa Wasarak

Lyrics: බන්දුල ජයසිංහ
Font size:
වේවා සුභ නව වසරක් ආවා අවුරුදු කුමරා
හැම ගම්මානේ කිරි ඉතිරෙන මේ 
නැකත සුභයි පැතුම එයයි.....//

රතට රතේ මල් පිපෙනා නිලට නිලේ නිල දිලෙනා
අටු කොටු සහලින් පිරිලා පිරිලා නව වසරක් හිනැහෙන්නා
බත බුලතින් කිරි පැණියෙන් සව් සිරියෙන් මගේ රට සැනසෙන්
හැම දෙව් සරණින් ජන හද සුරකිව් වසන්ත කාලය ආවා
නැකත සුභයි පැතුම එයයි.....

වේවා සුභ නව වසරක්......

බිය සැක හැම හැර දෑසේ අපි එක්වෙමු එක පවුලක් සේ
සාමය සමගිය හා සහයෝගේ රකිමු ඇස් දෙක වාගේ
බත බුලතින් කිරි පැණියෙන් සව් සිරියෙන් මගේ රට සැනසෙන්
හැම දෙව් සරණින් ජන හද සුරකිව් වසන්ත කාලය ආවා
නැකත සුභයි පැතුම එයයි.....

වේවා සුභ නව වසරක්......//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.