Home/Songs/ඉපදුනොත් ගැටුමක්

ඉපදුනොත් ගැටුමක්

Ipadunoth Getumak

Lyrics: විකුම්ප්‍රිය පෙරේරා
Font size:
ඉපදුනොත් ගැටුමක් - අදහස් අතර වෙනසක්
කලයුත්තේ කිමක් - වේද සාමෙට මාවතක්//

මෙත් සිතින් ඉවසා - දෙකොපුලම දක්වා
ගැටුම් සම කරනා
මගක් වේ නම් විහිළුවක්

අවි රැගෙන බලවත් - සටනට එලඹුනත්
අවි බල වනු මිසක්
සාමයේ මඟ හිතලුවක්//
සවිය තම පැත්තේ - නැතහොත් අනෙත් පැත්තේ
දුබලාමය පෙලෙන්නේ 
සාමයක් නම් නොවන්නේ

සාමය නම් සමයි - බලය සමව බෙදයි
සවියෙන් එකඟ වී
සිටිනු අප සැම එකතු වී//

ඉපදුනොත් ගැටුමක් - අදහස් අතර වෙනසක්
කලයුත්තේ කිමක් - වේද සාමෙට මාවතක්//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.