Home/Songs/පායලා මධු සඳක්

පායලා මධු සඳක්

Payala Madhu Sandak

Music: කේෂාන් පෙරේරා Lyrics: සුනිල් ධර්මසිරි
Font size:
පායලා මධු සඳක් සඳ දියෙන් නැහැවුණා
මා සොයා සනහා මගේ හදේ ගැබ් වුණා
කොහේදෝ මේ තරම් ආදරේ අප පැතූ 
සීතලේ හදවතින් ලැඟුම් ගන්නම් සෙමින්	
උරහිසේ මා හොවා හාදු දෙන් මට හෙමින්
ආදරේ ඔබ මගේ මා ඔබෙයි මින් මතු........

තුන්තිස් පැයේ රෑ පුරා නිදි වරා මැවූ හීන ඇහැරී සිනා 
මදහාස පා මට ළං වෙලා මුමුණන්න ඔබ මගේ කියා
සන්තානයේ රූ රටා සැඟවීලා 
දැන් මං ඔබේ ඔබ මගේමයි සදා.......

සීතල දැනී පොද වැස්සක් වගේ මගේ හිතට ඔබ ගොඩවුණා
සඳ කිඳුරියේ මගේ හදවත හොරා ඒ දිනම ඔබ ගෙන ගියා
ආදරේ මාළිගා හදවතේ ඉදි වෙලා 
දැන් මං ඔබේ ඔබ මගේමයි සදා.......

පායලා මධු සඳක්.......
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.