Home/Songs/විභාගෙ විභාගේ

විභාගෙ විභාගේ

Vibage Vibage

Music: M R චුලසිංහ Lyrics: සෝමලතා සුබසිංහ
Font size:
[ විභාගෙ විභාගේ
එහෙ බැලුවත් විභාගේ
මෙහෙ බැලුවත් විභාගේ
විභාගේ තමයි අපේ අභාගේ// ]//

විහිලුවකට හිනාවකට
විනෝදෙකට වෙන වැඩකට//
නෑ වෙලාව විභාගේ//
එකේ ඉඳන් දොලහ දක්ව
ලොකු පොඩි හැම පන්තියකම
ඇතෙක් බරට විභාගේ//
ඉරක් හඳක් ගහක් කොළක්
මනිස්සයෙක් පේන්නෙ නෑ
ඔහු සැපදුක අහන්නෙ නෑ
කන්නෙ බොන්නෙ අඳින්නෙ නෑ…
විභාගේ...

අම්ම තාත්ත අයිය අක්ක
නංඟි මල්ලි විතරක්යැ
නැන්ද මාමා බාප්ප මහප්ප
යහළු යෙහෙළියො අහල පහල අය//
'කොහොමද ළමයො විභාගේ?'
'තව සුමානෙකින් ප්‍රතිපල එයි'
කොහොමද විභාගෙ ප්‍රතිපල
ප්‍රතිපල ප්‍රතිපල ප්‍රතිපල ප්‍රතිපල…
බස් එකෙ කෝච්චියෙ පාරෙ තොටේ
යන එන හැම තැන කොහොමද ප්‍රතිපල//
විභාග ප්‍රතිපල වසංගතේ…

ඒ විතරක්යැ
විද්‍යා විෂයද කලාවද
කලාව කිව්වොත් මලා වගේ
චී චී චී ලැජ්ජ නැද්ද
අපේ එකෙක් කලාව කරන්න
කව්ද උඹ දිහා බලන්නෙ?
විද්‍යාව‍යි‍ ගනන් ගන්නෙ
අඩු ගනනේ වාණිජවත්
'ඉතින් පුතේ නම්බුවක්නෙ
පේල් උනත් විද්‍යාවෙ‍න්‍ විභාගෙ කොරල'

විභාගෙ විභාගේ...//

Singers

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.