Home/Songs/සමුගෙන යන්නෙමි

සමුගෙන යන්නෙමි

Samugena Yannemi

Music: ක්ලැරන්ස් විජේවර්ධන Lyrics: කරුණාරත්න අබේසේකර
Font size:
සමුගෙන යන්නෙමි මම ඔබ තනිකොට
අපේ මතු දියුණ සොයා
හිතකින් නොව මා නැව් නැග යන්නේ
සිත ඔබේ තුරුලේ තියා...

ගතින් මෙතැන මම සිතින් ඔබගේ ලඟ
කිසිදින වෙනස් නොවේ 
ජීවිතයට නැත ඔබෙ සෙනෙහස වැනි 
මිණි කිරුළක් මෙලොවේ...

සුදු මුදු රැල්ලේ මීදුම් තුරුල්ලේ
නැව ඇදිලා යනවා
මද පවනැල්ලේ සිත කැළඹිල්ලේ
ඔබ ගැන සිහිවෙනවා...
 
ප්‍රිය සුහදාණෙනි මා සිර වූයේ
දුක්බර බිම් ගෙයකයි 
ඔබේ රුව නෙපෙනී කට හඬ නොඇසී 
ගත සිත අවිවේකයි...

වෙරළක දිළිසෙන විදුලිය රේඛා
අතරින් එබෙනු දැනේ
අඳුර කපාගෙන පහන් ටැඹක් ලෙස
ඔබ මට දුරට පෙනේ...

මටම ලැබෙන තෙක් සක්වල පාලන
දෙවියන් රැක දේවා 
සසර සරන තුරු ඔබ මට නොනිමෙන
රන් පහනක් වේවා...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.