සඳ නිදන්න
Sanda Nidanna
Music: රංජිත් ප්‍රේමවීර Lyrics: ගිහාන් රොද්‍රිගෝ
Font size:
සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා මට සිඹින්න ඇස් පියන්න මගේ ආදරේ හංගන්න සඳ නිදන්න...... සඳ සීත ගෙන එන්නෙ ආදරේ දඟකාර නිල් දෑස මානයේ ගුලි වෙන්න රතු රෝස හීනයේ ළඟ උන්න තුරුලේම මා ළයේ අඩවන් දෑස කීවේ ජීවිතේ අරුතමයි සංවරයි මැණික මාගේ...... සඳ නිදන්න...... සමනලිය තටු සලන යාමයේ මල් සුවඳ මකරන්ද මාරුතේ දෙතොලතර සුසුමින්ද මේ රැයේ නිල්මල් විලෙන් හීන වෑහුණේ මුසපත් සේද යායේ උණුහුමින් හිත නිවයි පින්සරයි මැණික මාගේ........ සඳ නිදන්න......