Home/Songs/ඩම් ඩම්

ඩම් ඩම්

Dum Dum - La Signore

Music: ලහිරු පෙරේරා Lyrics: මනුරංග විජේසේකර
Font size:
සාධු දාලා සිරගත මා මුදාලා 
හදවත දැන් පුදාලා ඔබ හින්දා.. ඩම් ඩම්
බැංකු දාලා හදවතෙ පොලිය ඉල්ලා 
ඔබ නැටු නැටුම හන්දා හිත රිදුනා.. ඩම් ඩම්

එන්න කිව්වා ඇවිල්ලා ඉන්නකෝ කියා 
යන්න හැදුවා එතකොට අල්ල ගත්තා මා 
මෙන්න දුන්නා සතයක් ඉතිරි නොකර මා 
වෙන්න කියලා කිසිවක් ඉතුරු නෑ තියා 

සාධු දාලා සිරගත මා මුදාලා 
හදවත දැන් පුදාලා ඔබ හින්දා.. ඩම් ඩම්

නෑවෙනා තරම් කඳුලැලි මා ලඟින් තියා 
පෑහෙනා සිතින් අපි මැවූ හීන පාවෙනා 
ලංවෙලා ඉන්න බෑ ආයෙ ලෝකයා නිසා 
කාටවත් නෑ සිනා හඬක ගීතයක් ගයා 
ආදරෙන්.. 

සාධු දාලා සිරගත මා මුදාලා 
හදවත දැන් පුදාලා ඔබ හින්දා.. ඩම් ඩම්
බැංකු දාලා හදවතෙ පොලිය ඉල්ලා 
ඔබ නැටු නැටුම හන්දා හිත රිදුනා.. ඩම් ඩම් 

සුන් වෙනා තරම් සිතුවිලි පීදෙනා තරම් 
ඇල්ලෙනා අතත් පිරිමැද ආයෙ ගත් නිසා 
රන් කියා දුන්නේ මේ හදද ආයෙ නම් එපා   
මං නිසා උන්නෙ ඉවසාන හීනෙනුත් එපා 
ඔබව දැන් 

සාධු දාලා සිරගත මා මුදාලා 
හදවත දැන් පුදාලා ඔබ හින්දා.. ඩම් ඩම්
බැංකු දාලා හදවතෙ පොලිය ඉල්ලා 
ඔබ නැටු නැටුම හන්දා හිත රිදුනා.. ඩම් ඩම් 

එන්න කිව්වා ඇවිල්ලා ඉන්නකෝ කියා 
යන්න හැදුවා එතකොට අල්ල ගත්තා මා 
මෙන්න දුන්නා සතයක් ඉතිරි නොකර මා 
වෙන්න කියලා කිසිවක් ඉතුරු නෑ තියා 

සාධු දාලා සිරගත මා මුදාලා 
හදවත දැන් පුදාලා ඔබ හින්දා.. ඩම් ඩම්
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.