මල්ලියෙ නරක මිතුරන් පිළි ගන්ට එපා
Malliye Naraka Mithuran
Font size:
මල්ලියෙ නරක මිතුරන් පිළි ගන්ට එපා නංගියෙ නොහොබිනාකම් හුරු වෙන්ට එපා බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා හතුරෙකුටවත් මට වන් දුක වෙන්ට එපා දළදා මැදුරෙ තේවා හඩ රැව් දෙනවා කල පව් මතක් වී දෑසම තෙත් වෙනවා සියක් වාරයක් මැරි මැරි උපදිනවා තිබහට වතුර වෙනුවට කදුලැලි බොනවා ලැබුවේ අවවාද නොහොබින ආරකය දුදනන් නිසා විය හෙනහුරු මාරකය මං පෙර ගියේ වරදින් පිරි පාරකය ඒ ගිය මගේ අවසානය පෝරකය
Singers
Data
Last updated May 2026