Home/Songs/හොඳ හොඳ ළමයින් අපි වාගේ

හොඳ හොඳ ළමයින් අපි වාගේ

Honda Honda Lamain Api Wage

Font size:
හොඳ හොඳ ළමයින් අපි වාගේ
මේ මව් බිම ඉපිදී ඉන්නේ
අත්පොඩි ටික එකමුතු කරලා
රකිමු අපේ සිරි ලක් අම්මා//
ලල්ලල්ලා...///

හොර මැරකම් නැතිව ලොවේ
හිටියොත් හොඳ නම නිතර ලැබේ
වැරදි කළෝතින් පව් සිදු වේවි
සමාව නම් කිසි දිනක නැතේ
පොඩි ළමයින් හට දෙවියන්ගේ
ආශිර්වාදයමයි ඕනේ...

අත්පොඩි ටික එකමුතු කරලා
රකිමු අපේ සිරි ලක් අම්මා//
ලල්ලල්ලා...///

අම්මාගේ කරැණාව වෙතේ
වීරිය දහිරිය පියතුමාගේ
මේ හැම ලැබුණොත් එක වාගේ
මුළු ලෝකය එයි අතට අපේ
පොඩි ළමයින්මයි ලොකු අය වෙන්නේ
කෝපය හින්දයි පොඩි වෙන්නේ
හිත තුළ වෛරය නැති කරලා
ඉන්න ඕනේ හොඳ ළමයි වෙලා...

අත්පොඩි ටික එකමුතු කරලා
රකිමු අපේ සිරි ලක් අම්මා//
ලල්ලල්ලා...///

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.