Font size:
මල් පැලේ පහන නිවිලා යයි නුඹ ගිය දවසට ඉගිල්ලිලා මගෙ පුංචි නංගියේ යන්න ගියා ඉතින් කෝම කියන්නද මං පුංචි කිරිල්ලියේ ජීවිතයේ මහගිරිදඹ හෙට නගින්ට වේවී ආදරයේ අත්වැල් පොට හෙම බිඳිලා යාවී මල් බිසව් වගේ.... මල් බිසව් වගේ පරිස්සමෙන් ඉඳපන් නංගෝ ඊයම් වාගේ හරිම බරයි පවුල් ජීවිතේ මේ භවයේ නුඹ පතාන ආ සෙනෙහස බිඳලා සංසාරේ මං පව් පුරවා ගන්නද කෙලෙසා රන් රස වාගේ... රන් රස වාගේ ආදරයෙන් ඉඳපන් පේවී වැරදුණ දාකදි ඉතින් වරෙන් කඩුල්ල හැරලා
Singers
Data
Last updated May 2026