Home/Songs/මන්දාකිණි

මන්දාකිණි

Mandakini

Music: ගයාන් රෑන්ඩ් පෙරේරා Lyrics: සජිත් අක්මීමණ
Font size:
සුහුඹුල් වත නිකලැල් සිප ගන්නෑ 
රළු දෙතොලින් නම් කිසිදා ආදරේ හන්දා
මුතුවැල් වගේ හසරැල් පරදාවී 
නිල් මානෙල් මල් සැමදා ඔබේ රූ හන්දා
රෑ පුරා මුළු රෑ පුරා නිදිවරා 
මා නිදිවරා කල්පනා හීනයක තනිවුණා.......

මා සිත්තම් ඔබ ගෙත්තම් 
කෙරුවා මන්දාකිණි
මා යන්තම් සිප ගන්නම් 
තුරුලේ සඟවන් මල් මාලිණි මාගේ ඒ.....

ඇහි පිල්ලම් ඔබ ගස්සන තාලේ 
ලොව නැහැවේ වරු ගානින් අඳුරේ
මුදු වදනින් ඔබ ඇමතූ වේලේ 
හද පිපුණා මට දැනුණා ඔබ වෙනුවෙන් ආදරේ.....

මා සිත්තම්....

නිල් අහසින් බැස ආ සඳ සාවී 
විල් තෙරෙදී අපි හමුවෙමු කුමරී
දිගු දෙනුවන් මත මා දල්වන්නී 
සිප ගනිමි යළි හමු වී මතු දවසක ආදරේ.....

මා සිත්තම්.......//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.