Font size:
පායන් රන් සඳ පෙර ගිරි මුදුනෙන් නැඟ එන පාළුව නිවා දමා කොතෙක් වෙලා මම බලා හිඳින්න ද ඔබ එන තුරු හිස් දෙනෙත යොමා නිල්මිණි තරු කැට නෙතු යුග පියැ වී නිදිබර වී ඉන්නේ පුන් සඳ වෙනුවට මේ කුළු නැගිලා අඳුරයි මේ එන්නේ ඈත එපිට සිට යුගයෙන් යුගයට ප්‍රේමාතුරයන් හෙළූ කදුළු කැට එකතු වෙලා දෝ කඩා හැලෙන මේ මහ වරුසා මැවුණේ ඈත එපිට සිට යුගයෙන් යුගයට ප්‍රේමාතුරයන් හෙළූ සුසුම් වැල් එකතු වෙලා දෝ කඩා හැලෙන මේ කුණාටු වැල් මැවුණේ ඉඳහිට මුවගේ නැගුණු සිනා රැළි අතරමංව යන එන මං නැතිවී වියරු වැටී දෝ විදුලිය වාගේ දුව පැන මේ යන්නේ
Singers
Data
Last updated May 2026