සප්ත සයුරෙන් එහා
Saptha Sayuren Eha
Music: වික්ටර් රත්නායක Lyrics: ආචාර්ය අජන්තා රණසිංහ
Font size:
සප්ත සයුරෙන් එහා දේශ දේශාන්තරේ සිරිලක් සළු පිළියෙන් පිදු මව්බිම ධන නිධාන බදු සියල් සිරිලක පරසිදු සළු වියනා කුමාරි // අම්මා බඳු පෙම්මාදර සම්මා ගුණ පරිපුන් එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින් කම්හල තුළ පවර විපුල් හුරු දෑතින් කොමළ නිමල් කර මෙහෙවර සොඳ මනකල් ඉසුරු ගෙනේ එතෙරින් දුල් // දෙන්නී ඇය මව් භූමිය රක්නා රන් මසුරන් එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින් කැලුම් උදුල යෞවනයේ සිරිත් දහම් රැක පිරියේ සළු වියනා රැජිණ දැයේ හිඳුවමි සිංහාසනයේ // නන්දා ආනන්දා කරවන්නා ලංකා බිම් එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින් සප්ත සයුරෙන් ....... අම්මා බඳු ..........