සුසුමක වෙලීලා (හමුවෙමු ආයේ සංසාරේ)
Susumaka Welila (Hamuwemu Aye Sansare)
Music: නිමේෂ් කුලසිංහ Lyrics: ශෙහාන් ගලහිටියාව
Font size:
සුසුමක වෙලීලා මුසුව එන හැඟුමකි රැයේ පුරා හදවත ගැහීලා හැඟුම දෙන සුසුමකි සුවය ගෙනා සඳ කතා කොඳුරනවා හිත පුරා ලංවී ඔයා හිත නිවා සනසනවා මතු සදා ඉන්නෙම් පතා දැනෙනවා මැවෙනවා රැය නොනිදා සිහි වෙනවා සසර පුරා පතනවා අපි මතුදා හමු වෙනවා පෙරුමන් පුරාලා නුඹගේ රුව මවනෙමි සිතා මතා මතකය මවාලා රඳව ගමි නුඹවම හදේ සදා වත පුරා දැවටෙනවා මතු සදා මාගෙයි කියා සිත පවා විමසනවා නෙතු මවා අහසේ පුරා දැනෙනවා මැවෙනවා රැය නොනිදා සිහි වෙනවා සසර පුරා පතනවා අපි මතුදා හමු වෙනවා තරු පිපුනාවේ අහසේ තරු මල් වලටත් රහසේ සුසුමක් සුසුමට ලං වීලා අප හමු වෙමු ආයේ සංසාරේ (දැනෙනවා මැවෙනවා රැය නොනිදා සිහි වෙනවා සසර පුරා පතනවා අපි මතුදා හමු වෙනවා...//)