Home/Songs/වෙන හිතකට තුරුලු වෙලා

වෙන හිතකට තුරුලු වෙලා

Wena Hithakata Thurulu Wela

Music: සඳරුවන් ජයසිංහ Lyrics: කසුන් ප්‍රිමාල්
Font size:
වෙන හිතකට තුරුලු වෙලා හැර යන්නම ඔබ ගියදා
තනියම හිත ඉකි බින්දා ඇසුනාදෝ
හැම මොහොතෙම සිනාවෙලා මාරවටා යන්න ගියා
මේ ආදරේ නොදැනීදෝ මදිවීදෝ

තුන් හිතම ගොළු වෙලා මුළු ලොවම නැති වෙලා
ඔබ සිනාසෙනු ලබා සැනසිලා ඉන්නේ මා 
නෙතු පියාගන්න බෑ මගේ පෙර මතක මැවෙනවා
ඉගිලිලා යන්න මා සිතින් ඔහු අතේ දැවටිලා

වෙන හිතකට ....

හුරු යහනෙ සීතලයි උණු කදුළු විතරමයි
අතීතය පෙම් බරයි වෙන්වුනේ ඔබ තමයි
අත් හැරුනු මතක මාවතේ හිත තවම සැරිසරයි
ඔබ ඇවිත් හැදුව හීනයේ දැන් කදුළු විතරමයි

වෙන හිතකට ....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.