Font size:
යායට පායනා පෝදා සඳ තෙත බේරෙනා පිණි දෝරෙක හිත පාරනා මේ මා දුක සැපසේ වින්දා හෙට රෑ වෙලා එලිවෙන සඳ හිත හාරනා මහ පාලුව නුඹ ගන්නවා නම් ආපිට යනවා...කැන්දා... වෑහෙන්නම් මා ඉඳහිට ඒ සඳේ ඇදිලා සෑහෙන්නම් මා නුඹගේ ඇස් පුරා රැඳිලා තනි පැලේදී තනිව උරගෑ රෑ ගණන් බලලා අවේලාවක පෑයූ තරැවී පෑ බැලුම් හින්දා තනි ඇතා සේ හිතින් හිතපු මල් වියේ අරුමේ නුඹ නිසාවෙන් ඉබේ පිරුණු ආලයෙන් බැඳුනේ තරු ගනිද්දී නුඹම පෙන්වූ හීනයේ ගිලිලා සැපට ඉද්දී පැතුම් සේරම කලුවරේ වින්දා මල් බිසෝවී මෙමට දුන්නු සතුට යළි ගත්තා නුඹ පතා මං එක සිතින් පිදු ජීවිතේ මැරුණා යායට පායනා....