Font size:
ඈත අහසේ නැගෙයි දිනිඳු පායා සීත සුළගේ ගෙනාවේ ආදරේ ආදරේ සිහින ඡායා ඈත අහසේ නැගෙයි දිනිඳු පායා..... තරුණ ගොයමින් ගමේ වෙල් සිනා වේ කවුරු සනසන්නදෝ මේ වෙලාවේ පුරුදු ගතියයි කැලෑ මල් ගෙනාවේ ලොවම සුවඳින් පිරේ වාසනාවේ කවුද මට මේ - සුවය දුන්නේ හැංගි හැංගී පෙනේ රූප ඡායා ඈත අහසේ නැගෙයි දිනිඳු පායා...... ගොපළු දරුවන් ගැයූ බට නළාවේ මිහිර කව්දෝ අනේ මේ ගෙනාවේ අඳුරු යුගයක් ගෙවූ වේදනාවේ සුවය ලැබුවා ඔබේ මල් හිනාවේ කදුළු ගංඟා - සිඳී යන්නා කව්ද ඇන්දේ හදේ රූප ඡායා ඈත අහසේ නැගෙයි දිනිඳු පායා.......
Data
Last updated May 2026