Font size:
මඟ බල බලා ඇතිය මගෙ සුදා සුකොමළ සිරියා ප් රේමෙන් සනසන්නටා අඳුරට පෙර යමි ලහි කරලා // පිපි මල වගේ වුවන දිලිසෙනා ප් රේම සුගන්දේ දස අත විහිදා // ඒ පෙම් කුසුමේ මධු රස උරනා බිඟු රජ ලෙස මම යමි පියඹා මඟ බල බලා ඇතිය මගෙ සුදා.. මා ප් රේම රැජිනී මා දුටු විගසිනී ලැජ්ජාවේ සැඟවී ඉඟි බිඟි පාවී // නාඹර දෙතොලේ පෙම් පැණි ඉතිරේ රොන් ගන්නට බිඟු ලෙස යමි පියඹා මඟ බල බලා ඇතිය මගෙ සුදා.. බැඳි සෙනහසේ ළදරු වයසෙදී වැඩුණි හදේ දින දින මෝරා // ඒ සිරියාවී මාගෙ මනාලී දකිනට බිඟු ලෙස යමි පියඹා මඟ බල බලා ඇතිය මගෙ සුදා..
Singers
Data
Last updated May 2026