Home/Songs/හිමන්තරා

හිමන්තරා

Himanthara

Music: රාජ් තිලයියම්පලම් Lyrics: සම්පත් ප්‍රනාන්දුපුල්ලේ
Font size:
සිඹිනා හැම සුසුමේ ඔබ හැංගී ඉන්නවා
ගැඹුරේ මගේ පපුවේ ඔබ හුස්මත් ගන්නවා
මතු දා සංසාරයේ හැමදා ඔබ මාගේ නේ
වෙන් වී නොයා ළං වී සදා ඉන්නම් කියා දිව්රමි...

මගෙමයි ඔබගේ ආදරේ පණ තියෙනා තුරු මගේ
ඔව් සත්තයි මං ඔබේ හිමන්තරා
ඔබමයි මාගේ ආදරේ හැම ගෙවෙනා තත්පරේ
ඔව් සත්තයි ජීවිතේ හිමන්තරා...

උකුලෙම ඉන්න ආසයි ළඟ නැතිවාම ලෝභයි
උහුලනු කොහොමද ඔබ නැති ජීවිතේ
මේ හේ නෙතු පෑදුවේ ඇයි හඬවා ගියේ
මගේමයි ඔබගේ ආදරේ පණ තියෙනා තුරු මගේ
ඔව් සත්තයි මං ඔබේ හිමන්තරා...

කඳුලක රස්නෙ රිදවයි මතකය ඈත දිව යයි
හුස්මට ලියවුණු කවියකි ආදරේ
මේ හිත පාලුවේ නෑ ඉහිලුම් නොදේ
ඔබමයි මාගේ ආදරේ හැම ගෙවෙනා තත්පරේ
ඔව් සත්තයි ජීවිතේ හිමන්තරා...

සිඹිනා හැම සුසුමේ...

ඔබමයි මාගේ ආදරේ හැම ගෙවෙනා තත්පරේ
ඔව් සත්තයි ජීවිතේ හිමන්තරා...
මගේමයි ඔබගේ ආදරේ පණ තියෙනා තුරු මගේ
ඔව් සත්තයි මං ඔබේ හිමන්තරා...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.