Font size:
පන සේ පණ වී මා ළඟ උන්නු ඒ කාලේ අඳුරේ සඟවා නුඹ ඇයි ඉන්නේ මේ වාගේ හඬවා මෙලෙසේ මා හැරදා යන්න එපා ඉවසා ඉන්නට බෑ වෙන උණුසුමක නුඹ රඳවා හැම හුස්මක් ම ගානේ නුඹ ඉන්නේ මාගේ හිත තුලම ගුලි වී සදා මේ නෙතු තුලම මාගේ නුඹ ඉන්නවානේ සඳවතියේ අවරට නොයා....... ආදරේ ආදරේ නුඹ මට දුන්නේ ඔහුටත් හොරා ජීවිතේ වැරදුනේ අන්සතු මලට පෙම් කළ නිසා නෙතු අගින් කී කතා කීවේ නෑහැනේ අන්සතුයි කියා උණුහුමේ ගුලි වෙලා සෙනෙහස වින්දේ මගේමයි සිතා...... මා ළයේ මා ළයේ දැවෙනා ගින්න දුන්නේ ඔයා ඔය මුවින් කී කතා අද බොල් සුළගේ පාවී ගියා ඉන්නේ මා කෙලෙසදෝ ඔය නෙත් මතක අඳුරේ දමා ජීවිතේ නැවතුනේ අන්සතු නුඹට පෙම් කළ නිසා....... පන සේ පණ වී.....
Singers
Data
Last updated May 2026