මේ ගං ඉවුරේ (ඇයි මා තනිකෙරුවේ)
Me Gan Iwure (Ai Ma Thanikeruwe)
Music: ජීවන්ත උදාර Lyrics: නන්දන වික්‍රමගේ
Font size:
මේ ගං ඉවුරේ අප හමුවුණුදා පෙම් සිහින නෙලා මට දුන්නා ඒ සිහින තියා යළි ඔබ එනකම් තව මගම බලාගෙන ඉන්නා දහසක් පැතුම් වෙයිදෝ සුසුම් කිසිදිනක හෝ යළි නාවොතින් කඳුළැලි නෙතින් සඟවා කියා කාටත් හොරෙන් හෙලමි සුසුම්........ හමනා මද සුළඟක් හරි සීතයි තනි වූ ගං ඉවුරේ මට පාළුයි (මා තනිකෙරුවේ ඇයි මා තනිකෙරුවේ නැතිදෝ මට තාමත් ආදරේ.....//) සැමදා ගං ඉවුරේ තනියෙන් මා ඔබ මා ගැයු ගී වැල් මුමුණන්නම් (මේ ගං ඉවුරේ හමු වූ ගං ඉවුරේ සොයමි සැමදාමත් ආදරේ.......//) මේ ගං ඉවුරේ......