Home/Songs/සඳගිරි පව්ව

සඳගිරි පව්ව

Sandagiri Pwwa

Music: ප්‍රේමසිරි කේමදාස Lyrics: රත්න ශ්‍රී විජේසිංහ
Font size:
සඳගිරි පව්ව කොහේදෝ
මගෙ සඳ කිඳුරු කොහේදෝ
මට කියන්න කියන්න මා
සොවින් තැවෙන චන්ද කින්නරී

අපි ගෙයින් ගෙයට යන ගමනේ
කුලී ගේක නැවතී
කවි සිංදු කියා අත පෑවේ
සාගින්දර ඇවිළී
මහ රෑ කළුවර
නුඹ කොහෙ ගෙන ගියා ද
හිමි සඳුනි

නිල් වනාන්තරේ ගිනි ගනීවී
සුසුම්වලින් ඇවිලී
නිල් අනෝතත්ත විල හිඳේවී
දුම් දමලා උණු වී
මගේ සඳ කිඳුරා මටම දෙන්න
පින් ඇති වන සතුනී

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.