Home/Songs/කතරිනා

කතරිනා

Katharina

Font size:
ඒයි කතරිනා ආව් මගෙ ලව් සිනා
ඒයි කතරිනා ආව් මගෙ ලව් සිනා
බයිසිකලේ රෝදෙ වගේ කැරකෙයි ජීවිතය අපේ
වයස හොඳයි කාලෙ සුපර් මොකද කියන්නේ

දොළොස් මසක් ගහපු පදේ තාම ගහන්නේ
Famous ජෝඩු කැප්ටන්ලා කවුද බඳින්නේ
Why Darling මගෙ මූණට ඔහොම කියන්නේ
Naughty Girl මගෙ හදවත fire කරන්නේ

තරහද මගෙ ලව් සිනා අයියෝ නෑ  කතරිනා
බඳිමු ද අපි ලව්සිනා I'm ready කතරිනා
විහිළුවටයි බැන්නෙ ඔන්න psyco ගහන් නැතුව ඉන්න
සයිකලයේ රෝදෙ ඔබයි handle එකයි මං

මොනව උනත් ඔයා මගේ ප්‍රේම සාගරේ
ගෝරි ගියත් නැතත් ආදරේනෙ මා කෙරේ
අතරින් පතරින් ඇවිත් නිතර පෙන්නුවට බලේ
කතරින් පණේ බොහෝ කල් ඔයා වැටිල මගෙ දැලේ

මගෙ කිරි හට්ටිය ලව්සිනා පැණි හට්ටිය කතරිනා
වයමු ද අපි රවිකිඤ්ඤා ගහමුද අපි කපරිඤ්ඤා
විහිළුවටයි බැන්නෙ ඔන්න psyco ගහන් නැතුව ඉන්න
සයිකලයේ රෝදෙ ඔබයි handle එකයි මං

When you look at අනිත් කෙල්ලො සිතට වේදනා
do you want that මම ඔයාලෙ   loving කතරිනා
කොල්ලො කෙල්ලො එක් වුනාම හරිම සෝභනා
when we enter lovers' world funnyචේතනා

ඉන්න බැහැනෙ වෙන්වෙලා බයිලා කියමු ළංවෙලා
සිකුරු තරුව පායලා ප්‍රේම ලෝකෙ එළි වෙලා
විහිළුවටයි බැන්නෙ ඔන්න psyco ගහන් නැතුව ඉන්න
සයිකලයේ රෝදෙ ඔබයි handle එකයි මං

රූබර පොඩි කතරිනා සුදු රත්තරන් මගේ
ආදර ලෝකයට යමුද කුරුල්ලන් වගේ
පමා නොවී ළගදිම අපි බැන්දතොත් අනේ
ඔයයි මමයි ජාඩි වලට මූඩියක් වගේ



 

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.