සත්තයි මට ඔබ වාගේ (සෙවනැල්ල සේ ඔබ)
Saththai Mata Oba Wage (Sewanalla Se Oba)
Music: අශාන් ප්‍රනාන්දු Lyrics: නිසල් ප්‍රනාන්දු
Font size:
සෙවනැල්ල සේ ඔබ උන්නු කාලේ මට තනිකමක් දැනුණේම නෑනේ අද මගේ ලගින් ඔබ නොමැති මූහොතේ මට දැනුණේ නම් මහ තනිකමක්නේ ජීවිතේ නුඹ නමින් තනිවුණා හමුවුන තැන්වල මතකය විතරයි අද ඇත්තේ අපි ගිය මාවතේ අද මම විතරයි පියමන්නේ මියගිය ප්‍රේමය හදවත පතලේම මාගේ සදහටම මිහිදන් කළා සත්තයි මට ඔබ වාගේ කවුරුත් නෑ මේ ලෝකේ උපදින භවයක් ගානේ ඔබගේම වෙන්නයි ඕනේ සුවුදක් දැනේ මට ඔබගේ පපුවේ මගේ වේදනා ඔබ දන්නේ නැනේ මැරුණත් හදේ තියෙනාමේ සෙනෙහෙ වෙනෙසක් නොවේ සංසාර ගමනේ ජිවිතේ ඔබ නමින් තනිවුණා සත්තයි මට ඔබ වාගේ...