Home/Songs/මේ අහස යට

මේ අහස යට

Me Ahasa Yata

Me Ahasa Yata Music: තරිඳු බණ්ඩාර Lyrics: රජිත් චතුරංග
Font size:
පාලු සුවිසල් නුහුරු නගරේ
විදවනා පෙම් හැගුම් දහරේ
කොහේ හො නුබ ඉන්නවා ඇති
තෙරක් නොපෙනෙන මේ
අහස යට

මේ පුරා සද එලිය සිසිලස
ඔබත් විදිනවා 
මමත් විදිනවා
නමුදු දෙතනක තනිවෙලා අපි
එකම සඳ ඇති මේ අහස යට

දුක සතුට මැද ගෙවන දිවියේ
මතක සැමරුම් සිහින අතරේ
ඔබේ මතකය තුරුලු කරගෙන
දිනක මිය යමි
මේ අහස යට

පාලු සුවිසල් නුහුරු නගරේ
විදවනා පෙම් හැගුම් දහරේ
කොහේ හො නුඹ ඉන්නවා ඇති
තෙරක් නොපෙනෙන මේ
අහස යට
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.