Home/Songs/මම්ම නෝ පප්ප නෝ

මම්ම නෝ පප්ප නෝ

Mamma No Pappa No

Font size:
මම්ම නෝ පප්ප නෝ  - ආප්ප කන්න තුට්ටු නෝ
දෙයියො දුන්න සල්ලි නෝ - ආලෙ බැන්ද නෝන කෝ

ප්‍රේමියේ මේ මගේ - කාසි නෑ මා අතේ
මේ මගෙ බරබාගෙ - දක්කමි හඳපානෙ
යන්නට ගමට අපේ - නැගපන් කරට මගේ
ආදරවන්තියේ මගේ

ආදර සුර මාළිගේ - ඉන්නෙමි මම පාළුවෙ
දහසක්  පැතුම් පතා - ළදක් සොයනවා
තනියම වයසට යනවා - දවසක මමත් බඳිනවා
මැණිකක් මටත් ලැබෙනවා

නිදන්නෙ තනි යහනේ - හීන පෙනෙයි රෑ යාමේ
මැදියම් නිනදෙන් මම ගිටාර් ගහනවා
කුමරි සින්දු කියයි - ඇඳ උඩ ඩාන්ස් කරයි
අයියො මම බිමට වැටෙනවා

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.