කඩ මණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
Kada Mandiye Dola Ayine
Font size:
කඩ මණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී නැවතී බලනවා මොහොතක් කොහොම හරී කතා නැතිව හිටියත් ගොළු වෙලා අපී දාහක් දේ තිබේ කීමට බැරිව වැසී ගහ කොළ වලට දාහක් ඇස් ඇති හින්දා සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා සයුර මොටද දිය දෝතක් බොන්න බැරී ඔරුව මොටද වතුරේ පැද යන්න බැරී දෑස මොටද සිතුසේ දැක ගන්න බැරී කුසුම මොටද ලංවී රොන් ගන්න බැරී
Singers
Data
Last updated May 2026