ඇවිත් මා ලඟින්
Awith Ma Langin
Music: ගයන්ත විජයරත්න Lyrics: ගයන්ත විජයරත්න
Font size:
ඇවිත් මා ලඟින් තුරුල් වෙලා ඉන්න තුරුල් වෙලා මං ගාවම සැනසෙන්න එක මොහොතක් ඔය ඇස් දෙක දැකගන්න ඉතින් රත්තරන් එන්නේ කවදාද ඇවිත් මා ලඟින් තුරුල් වෙලා ඉන්න තුරුල් වෙලා මං ගාවම සැනසෙන්න එක මොහොතක්වත් ඔය ඇස් දෙක දැකගන්න ඉතින් රත්තරන් එන්නේ කවදාද සිතුවාට හැමදේම ඔබ ගාව කියලා නුඹ යන්නෙ ඔය සෙනෙහෙ මා ගාව තියලා තනිකමට ගුලිවෙච්ච මේ කඳුළු පිසදා යනවද හොරෙන් ඇවිදින් මාව දාලා ඇවිත් මා ලඟින් තුරුල් වෙලා ඉන්න තුරුල් වෙලා මං ගාවම සැනසෙන්න එක මොහොතක් ඔය ඇස් දෙක දැකගන්න ඉතින් රත්තරන් එන්නේ කවදාද සඳ වාගෙ ඔය මුහුන රෑ අහසෙ දැකලා පෝදාම නිදි වැරුවේ කඳුළින්ම තෙමිලා සඳපානේ ආවොත් මේ හැමදේම දාලා නෑ නේද යන්නේ දුකක් එහෙම දීලා ඇවිත් මා ලඟින් තුරුල් වෙලා ඉන්න තුරුල් වෙලා මං ගාවම සැනසෙන්න එක මොහොතක්වත් ඔය ඇස් දෙක දැකගන්න ඉතින් රත්තරන් එන්නේ කවදාද