Font size:
සඳ රාජිනියේ මා සනසන්න සුවඳට තුරුලේ උණුහුම දෙන්න නීල වලා සළු ඉරා දමන්න සඳවතියේ මුව හාදු තියන්න // නිල් තරු කැට ගෙන මාල ගොතන්නම් ගෙල වටලා සත් මාල බඳින්නම් // දේදුනු පැහැ රන් සළුව වියා මං සඳ මනමාලි නුඹ සරසන්නම් අනෝතත්ත විල පැන් ගෙන එන්නම් සඳ දෙව්දුව මා නුඹ දෝවන්නම් // ඉරබටු තරුවේ එළිය අරන් මං නුඹේ නළලතේ තිලක තියන්නම් සඳ රාජිනියේ ....
Singers
Data
Last updated May 2026