සරාගී ඇසිල්ලේ
Saragi Asille
Oba Nisa Music: චමිත කුරේ Lyrics: චමිත කුරේ
Font size:
නෙතු ඔබ මා ගැටුනා ඒ ගංතීරේ ඔබ මට ඉඟි කෙරුවා හැබහින්දෝ නොදැනේ නෙතු ඔබ මා බැඳුනා ඒ ගංතීරේ ඔබ මට ඉඟි කෙරුවා හැබහින්දෝ නොදැනේ සිහිනෙන් පෑ වදනින් නෙතු කැල්මේ බැල්මෙන් තවමත් මා හද කැළඹේ (සරාගී ඇසිල්ලේ පෙමින් මත්වීලා ඈගේ තුරුල් වී සමීපේ කොපුල් තෙත්වීලා රහසේ...//) (දෙනුවන් සිප ගත්තා පිනි පොද වැස්සේ අප හදවත් බැඳිලා මන්දාරම් සෙවනේ...//) සිහිනෙන් පෑ වදනින්.... ඈ දුටු විට දෙවඟනක් වගේ හදවත කකියනවා හොඳටම මගේ දිලිසෙන නුවන් නිල්මිණි කැට වගේ ආකාසේ තරු මදි ගෙල සරසන්න ඇගේ ඇගෙ ඉඟ සුඟ ගත හැක මගෙ අත මිටින නිසි පුළුලු කුල මගෙ රිය සක ගැටුන බෝනික්කියක් වගෙ ඇසිපිය නොම හෙළන ඇ දුටුවම වුනා මගෙ හද සසල ඔය දෙතොලඟ රැඳි සිනාවේ බැඳුනා හදවතින් රහසේ පෙම් පහසක රැඳුනු මානේ මම ආයෙත් ආලෙන් මත් වුනාවේ හදවත ඈ යන්තම් පත්තු වුනෙ හදවත මගෙ ගිනි පන්දම් ගැලපුන අපි දෙන්නගෙ පොරොන්දම් ගැලවෙන්න බෑ ඇලවිලා වගේ කාන්දම් (ඔය හසරැල් දුටුදා මා නෙත් මානේ පෙම් හසුනක් එව්වා මා හදවත රහසේ...//) සිහිනෙන් පෑ වදනින්....
Listen
Watch on YouTubeData
Last updated May 2026