Home/Songs/සීතල හීනේ

සීතල හීනේ

Seethala Heene

Music: දිනේෂ් දිසානායක Lyrics: දිනේෂ් දිසානායක
Font size:
සීතල හීනේ මගේ වෙලා ලං වෙලා 
සත්තයි දැනුනේ නෑ වරදක් කරයි කියා 
නුඹේ නමින් දුන් ප්‍රේමේ 
වෙනස් උනේ නෑ මාගේ 
නැතිබැරි කමටද ආදරේට බොරු කලේ 

(නෑ පළිගැනුමක් හිත යට හීනයකින්වත් 
පේන මානේ ඉන්න ඕනේ 
මගේ පණ ඔයා...//) 

(තුරුලට වෙලා උන්නු මතකය දිගේ 
ඔබ දුන්නු ඒ හීන අදටත් මැවේ...//) 
දිවුරා මගේ දෑතේ රවටා දමා ප්‍රේමේ 
තිබුනාද වරදක් කියන් මගෙ අතේ 

(නෑ පළිගැනුමක් හිත යට හීනයකින්වත් 
පේන මානේ ඉන්න ඕනේ 
මගේ පණ ඔයා...//) 

(පෙරවාගෙ නැතුවාද ආදරෙ තරම් 
දුක් වින්දෙ නුඹ හින්ද මං මේ තරම්...//)
දිවුරා මගේ දෑතේ රවටා දමා ප්‍රේමේ 
තිබුනාද වරදක් කියන් මගෙ අතේ 

සීතල හීනේ මගේ වෙලා......

(නෑ පළිගැනුමක් හිත යට හීනයකින්වත් 
පේන මානේ ඉන්න ඕනේ 
මගේ පණ ඔයා...//)

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.