ගෙදර යං
Gedara Yan
Music: සුනිල් පෙරේරා Lyrics: චන්ද්‍රදාස ප්‍රනාන්දු
Font size:
කෑව ඇතී බිව්ව ඇතී නැටුව ඇතී යං ගෙදර යං ගෙදර යං ගෙදර යං දැන් හොඳටම රෑ වෙලා එළිවෙන්නත් ලං වෙලා ගෙදර යන්කො කියලා නෝනා ලෙඩේ අදිනවා ඔයා නිකන් බයවෙලා මට නෑ තව වැඩිවෙලා එහෙම කියලා මෙන්න බොලේ තව තව බොනවා බීලා බීලා එලෙව්වාම පොලීසියට අහු උනාම මල කෙළියක් වෙවි කියලා නෝනා අඩනවා පොලිසිය මං දන්නවා ඕඅඉcඊ යාලූවා ඇල්ලුවාට නෝ ප්‍රොබ්ලම් කිය කිය බොනවා ගෙදර යන්න අර්ලි වැඩී කිය කිය බොනවා ගෙදර යං ගෙදර යං ගෙදර යං අපි එනකන් මඟ බලා බබාලා ඇති බය වෙලා දැන්වත් අපි යන්නෙ නැද්ද නෝනා අහනවා බලාගන්න බබාලා ගෙදර ඉන්නේ ආයලා එහෙම කියලා මෙන්න බොලේ තව තව බොනවා යාලුවො ටික සෙට් උනාම දෙකක් තුනක් දාගත්තම ගෙදර නෝනවත් ඔහෙලට අමතක වෙනවා ඉදල හිටලා මං බොන්නේ ඇයි බොරුවට ගොරවන්නේ හැම ගෑනිම ඔහොම තමයි කිය කිය බොනවා ගෙදර යන්න අර්ලි වැඩී කිය කිය බොනවා ගෙදර යං ගෙදර යං ගෙදර යං බෑන්ඩ් එකත් නැවැත්තුවා පාර්ටි එකත් ඉවර උනා දැන්වත් අපි යන්නේ නැද්ද නෝනා අහනවා ඔයා ගෙදර යන් නැත්තන් මන් යනවා පික් මී එකෙන් එහෙම කියලා ඔන්න නෝනා යන්නට යනවා ඔන්න ගෙදර මතක් උනා මහත්තයගෙ වෙරි හිඳුනා සද්ද නැතුව පූසා වගේ පස්සෙන් යනවා පස්සෙන් යන ගමන් මිනිහා මෙහෙම කියනවා