Home/Songs/දෑසින් ඔබෙයි මගෙයි

දෑසින් ඔබෙයි මගෙයි

Dasin Obeyi Mageyi

Font size:
දෑසින් ඔබෙයි මගෙයි ප්‍රියේ
මුතුලැල් සැලේ කුමරියේ //
මුතු බිංදු ඒ අපේ නෙතේ
විකුණන්නේ දෑයි අසා ලදේ
උදයෙන්ම ඒවී ලෝකයා ලොව ඒ තමා

සංසාර පාරේ සංතාප සේදූ
හද අමරණීය වූ අප දිව්‍ය ප්‍රේමයේ //
පෑගී ඉරි සුන්වී කඳුළැල් පවා හැලූ
අරගන්නකෝ මිලදී ලොව එය ප්‍රියේ
දෑසින් ඔබෙයි මගෙයි ...

පෙම් ගින්න ලෝකේ අවුලා තියලා
ඒ අග්නිජාලයේ හිනැහේවි ලෝකයා //
සඳු හා නිවි තරුවැල් ශෝකාන්ධකාරයේ
නාඩන් ඉතින් කුමරි කඳුළල් සලා
දෑසින් ඔබෙයි මගෙයි ....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.