මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි
Me Nagaraya Ma Oba Muna Gasunu Nagarayayi
Music: මර්වින් පෙරේරා Lyrics: ප්‍රේම කීර්ති ද අල්විස්
Font size:
මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..// වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා..// සරසවි බිම කඳුරැල්ලෙන් එතර පෙනෙනවා ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා මේ නගරය මා... ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා..// ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා මේ නගරය මා....