Home/Songs/සෙනෙහසේ මල් පිපේවා

සෙනෙහසේ මල් පිපේවා

Senehase Mal Pipewa

Font size:
සෙනෙහසේ මල් පිපේවා //
ලයේ උපදින ලතෙත් හැඟුමින්
ගයා සුවඳම පතුරනා
ගිලන් වූ සිත් නිවා සනසන
පහන් හැඟුමන් උපදනා
සෙනෙහසේ මල් පිපේවා //

වෛරයෙන් ඉරි තැලෙන සිත් තුල
කෙලෙස මිනිසත් බව පිරෙන්නේ
සෙනෙහසේ සුවඳින් නිවී
ගිලන් වූ සිත් සුව ලබන්නේ
එවන් සත් සිත් පහන් කරවන //
සෙනෙහසේ මල් පිපේවා

ඉසුරු සම්පත් ලබත් එනමුත්
එයින් මනු සිත් නැහැ නිවෙන්නේ
ගිලන් වූ සිත් සුවෙන් පිබිදී
සෙනෙහසින් මල් පණ ලබන්නේ
එවන් සත් සිත් පහන් කරවන //
සෙනෙහසේ මල් පිපේවා //

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.