Font size:
එදා වගේමයි අදත් පායන මේ ඉර සඳ යට දහම් දෙසන්නැති ඔබ සමිඳේ මමත් අසන්නැති මටත් අසැන්නැති මටම නොතේරේ මම පෙර කළ කරුමය (තවමත් මම මේ ලොව සමිඳේ......) ගලිලයේ මහ සුයුරු තෙරේදී ඔබ දම් දෙසනා හඬත් ඇසෙන්නැති තනිවම ඇවිදින් කතා කරන්නැති (එනමුත් තවමත් මම මේ ලොව සමිඳේ.....//) සාර දහසක් ජනයා අතරේ කීප දෙනක් ඔබ දහම් දෙසන්නැති ඔබ ළඟ සිට මා දහම් අසන්නැති (එනමුත් තවමත් මම මේ ලොව සමිඳේ.....//) ඔබ හමු වී මා කතා කරන්නැති දහම් ගැටලු මා ඔබට කියන්නැති ඔබගෙන් පිළිතුරු අසාගන්නැති (තවමත් දුක්වෙමි මම මේ ලොව සමිඳේ......)