Font size:
මගෙ කුමාරියේ ඔබ හඬන්නෙපා සමු අරන් ගියත් යළි එනවාමයි ලස්සනම මලක් නුඹ පර නොවෙනා එය නෙලා ගන්නෙ මම විතරක්මයි ඒ මලේ සුවඳ ඇත්තටම මගෙයි හිත රිදෙන කතා ගැන හිතන්නෙපා මට ඇහුනේ නැතත් ඔබ බනින්නෙපා සඳ ඇවිත් නැතත් තරු හොඳයි කියා (නිල් අහසට ආදරෙ කරන්නෙපා.....//) මගෙ කුමාරියේ ඔබ හඬන්නෙපා සමු අරන් ගියත් යළි එනවාමයි ගී පොකුරු පවා සුන්දරයි කියා ඔබ කියූ වදන් මතකයේම තියා හදවතින් පිදූ සෙනෙහසට සදා (මා හතුරු නොවෙමි මගෙ පණයි ඔයා.....//) මගෙ කුමාරියේ ඔබ හඬන්නෙපා සමු අරන් ගියත් යළි එනවාමයි ලස්සනම මලක් නුඹ පර නොවෙනා (එය නෙලා ගන්නෙ මම විතරක්මයි ඒ මලේ සුවඳ ඇත්තටම මගෙයි...//)