ඉඳුවර නීල නෙත් පියල්ලේ
Induwara Neela Neth Piyalle
Music: රධීෂ් වැන්දබෝනා Lyrics: නිලාර් N කසීම්
Font size:
ඉඳුවර නීල නෙත් පියල්ලේ විකසිත ආදරේ ඉගිල්ලේ ඔබ රහසින් ඔබ රහසින් මුමුණනදා මට ලං වෙලා විගසින් ඇමතු සැනින් හැඟුමන් මගේ ජීවිතේ අලුත් කවියක් වුණා හිත පිරුණා ඔබ ඇසුරේ හිටි විගසේ එයයි ආදරේ මම ඔබමයි ඔබ මමමයි අපි අපිමයි....... රෑ තුන්යාමේ මං තනි යහනේ හීතලෙන් දැවි දැවි දුක් විඳි කාලේ මැවුණා දෑසේ ඒ එදා ජීවිතේ ලා වැහි පොද යටින් ඔබ සමගින් එති මං ඇවිදින්නම් සිතිවිලි ඉමේ මගේ ආදරි සොයා මල් මාවතේ....... රෑ තුන්යාමේ මා හිත් මානේ ඇයිද ඉඟි බිඟි කළේ මල් මල් හීනේ මල් ඕවිල්ලේ මං ඔහේ පා වුණේ ඒ සිතිවිලි ඉමේ ඔබ සමගින් මෙසේ මං පියඹන්නම් විහඟෙක් වගේ මගේ ජීවිතේ සොයා හිස් වා තලේ....... ඉඳුවර නීල නෙත්.......