Font size:
කොළඹ ඉදන් දඹූලු ආව ඉලන්දාරියා අපේ කඩේ බෙලිමල් හරි රසයි කිය කියා සල්ලි කොලේ මැද ලිපිනය සගවලා තියා මගේ හිතත් අරගෙන ඔබ කොළඹටම ගියා කඩේ වැඩත් අවුල්වෙලා ඔයා ගැන සිතා කටකාරයා සිහිවෙනවා ගෙවන රෑ පුරා කුළුදුල් පෙම්පත ලියන්න හිතුන රෑ පුරා මුලපුරන්න අකුරු දෙකක් එවනවද ඔයා නෙළුම් පතේ බත් වෙිලක් කවන්නට උයා එනදවසක් දන්වලා මට එවනවද ඔයා නෙළුම් මලක් පූජා කරලා දඹුළු නෙල පුරා මම පැතුවා හැමදාමත් ඔබ මගේ කියා
Singers
Data
Last updated May 2026