Font size:
සිහින හොරා මේ හිත කියවලා හොරහින් සුසුමන් පිටකලා පෙම්බර කල්පනා හරි හුරතල් වෙලා මේ ඇස් වටේ කැරකුනා තරු දෑස හෙමින් කියන කතා හොඳින් වැටහුනා මා දන්නෑ වගේ උන්නා පොඩ්ඩක් ගනන් උස්සලා හිත කීරි ගැහෙනා පෙම් පාරු හිනහා මනමාල කම් පෑදුවාවේ සංකාවේ වෙලෙනා සන්තාප හරවා ඔබ මාගේ හීනෙට වුනාවේ තරු දෑස හෙමින් කියන කතා හොඳින් වැටහුනා මා දන්නෑ වගේ උන්නා පොඩ්ඩක් ගනන් උස්සලා සුභ හීන පෙනෙනා රෑ තිස්සේ නොනිදා පෙම් හීන මල්වර වුනාවේ හිත තෝරගෙන මා ඔබෙ ආලෙ ඉල්ලා ලං වෙන්න කාලය තමයි මේ තරු දෑස හෙමින්.../ සිහින හොරා.../
Singers
Data
Last updated May 2026