Font size:
පරණ කෝට් - පරණ කෝට් පිත්තල පොත්තම් කැඩිච්ච - මුලෑදෑනි පරණ කෝට් මෙන්න ගෙනාවා - මෙන්න ගෙනාවා දොස්තරවරු - මන්තිරිවරු - පෙට්ටගමක් විතර මහත අබ්බගාත් ජෙන්ටල්මන් - දියෙන් ගොඩෙන් රොකට් එකෙන් අරන් ආව අණ්ඩ දමා - කට්ටකුමංජල් අල්ලා රක්ෂා කළ කළු කලිසම් පරණ කෝට්- මෙන්න ගෙනාවා නාකි වෙච්ච රූ රැජිණක් - බ්‍රහ්මදත්ත රජ කාලේ සැන් පවුඩර් සුවඳ කැවූ - සාරි සැට්ට සාරි ගවුම් කිතුල් රෑන් වගේ හවරි - මෙන්න ගෙනාවා එංගලන්තෙ පරණ පැටන් - කොලොම්පුරේ අළුත් පැටන් කොලොම්පුරේ පරණ පැටන් - මේ පැත්තේ අළුත් පැටන් ඇමති කමට තට්ටු වෙලා- දැන් හොදටම කෙට්ටු වෙලා ඇමති කාලෙ ඇන්ද ඇදුම් - මෙන්න ගෙනාවා රාජකීය උණුසුම ඇති ඇඳුම් ගෙනාවා
Singers
Data
Last updated May 2026