Home/Songs/අපි වෙන් වෙන තරමට

අපි වෙන් වෙන තරමට

Api Wen Wena Tharamata

Music: රෝහණ වීරසිංහ Lyrics: සිඩ්නි චන්ද්‍රසේකර
Font size:
අපි වෙන් වෙන තරමට කියනා දෙවල් 
කොහොමද උහුලා ගන්නේ 
අපි වෙන් වෙන තැනටම කටයුතු වෙනකොට 
කොහොමද බල බල ඉන්නේ 
අපි එක් වුන  මතකය සිහියට එනවිට 
කඳුලයි දෑස තෙමන්නේ
මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට
මනසයි වන්දි ගෙවන්නේ...

හිතන්න බෑ හිත කීරි ගෑහෙනවා 
ඔය සුදු  මුහුන මතක් වී 
සිඹින්න බෑ මුව අහක බලනවා  
මගේ මුව එක්ක තරහා වී 
කියන්න බෑ අපේ ආදර කතාව 
කඳුලුත් එක්ක සිනාසී 
සොයන්න බෑ තව  ඔයා වගේ කෙනෙක් 
ආදරේ  කරන්න පෙර සේ  

අපි වෙන් වෙන තරමට කියනා දෙවල් 
කොහොමද උහුලා ගන්නේ 
අපි වෙන් වෙන තැනටම කටයුතු වෙනකොට 
කොහොමද බල බල ඉන්නේ...

සුන්දර සිනාව හුරතල් ඉනාව 
දකින්න ආසයි අඳුරේ 
දැවටුනු හෑටි ආදරෙයි කියා මට 
දැනෙනවා කිති කෑවි යහනේ 
තොල් පෙති සිඹින්න ආසයි ඇත්තට 
තුරුලට ගෙන ඔබ පෙර සේ 
ආදරේ කියන්න තව එක සෑරයක් 
වෙන් වී යන්නට මත්තෙන්…

අපි වෙන් වෙන තරමට.......
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.