Home/Songs/රොසලිනා

රොසලිනා

Rosalina

Font size:
රොසලිනා... රොසලිනා... රොසලිනා...
මගේ රොසලිනා...

අයරින් තරහා උනා
කැතරින් පැනලා ගියා
මැගිලින් ඩුබායි ගියා
මට කවුරුත් නැතිව ගියා//

එපා එපා එපා යන්න එපා
එපා එපා එපා යන්න එපා
එපා එපා එපා යන්න එපා
එපා එපා එපා එපා දාල යන්න එපා

රොසලිනා... රොසලිනා... රොසලිනා...
මගේ රොසලිනා... //

කොණ්ඩය දිග හින්දා
ඇඟපත මදි හින්දා
අතමිට නැති හින්දා
මගේ අයරින් තරහා උනා
සංගීතය හින්දා
මුළු රෑ නිදි මරලා
දවසම බුදි හින්දා
මගේ කැතරියා පැනලා ගියා

එපා එපා එපා යන්න එපා...

රොසලිනා... රොසලිනා... රොසලිනා...
මගේ රොසලිනා... //

සල්ලිම ඉල්ලාලා
මට කරදර කරලා
දුන්නේ නෑ කියලා
මගේ මැගිලියා ඩුබායි ගියා
මට ආදරේ කරලා
රොසලින් වෙන්ව නොයා
ඉන්නකෝ ළඟට වෙලා
මගේ රන් කඳ තමයි ඔයා

එපා එපා එපා යන්න එපා...

රොසලිනා... රොසලිනා... රොසලිනා...
මගේ රොසලිනා... ////

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.