Font size:
රන් ගුවනේ රන් හිරුරදුන් මෙන් මගේ පියාණනේ මගේ පියාණනේ// රන් දෙරණේ සහනය සදා දුන් සුදු පියාණනේ සුදු පියාණනේ// ඔබේ සිරුරේ ලේ බිඳු දහදිය බිඳු වී ගලා ගියේ ලොව දිවා රෑ// දුක වෙහෙස දැරූ සැප සතුට හුරු// බුදු පියාණනේ බුදු පියාණනේ// දූ පුතුනගේ යහපත පවුලේ හිත සුව වෙනුවෙන් ඔබේ දිවි කැප කෙරුවේ// සිප් සතර පුදා යහමඟ පුබුදා// මගේ පියාණනේ මගේ පියාණනේ// දෙව් ලෝකයේ අධිපති සක් දෙවිඳුන් සේ අප නිවසේ ඔබ වැඩ සිටියේ// සිතු පතු සැමදේ ජයබිම සැදු වේ// බුදු පියාණනේ බුදු පියාණනේ// රන් ගුවනේ...