Home/Songs/රන්වන් දුල් කරලින්

රන්වන් දුල් කරලින්

Ran Wan Dul Karalin

Font size:
චිත්‍රපටය : මාතලන් (1955)

දිනිඳා උදය ගිර මුදුනෙන් නැග එනවා
සුරිඳා පිහිට යැද ගොවි කුඹුරට යනවා

(රන්වන් දුල් කරලින් පැසිලා
නැමිලා බර වී.....ලා
තල වැවිලා රමණී සෝභා
කෙත්වතු පිරිලා සාරා
හෝ කෙත්වතු පිරිලා සාරා
හෝ කෙත්වතු පිරිලා සාරා)...//

ඉඟ නලවා කපමූ නෙලමූ හෝ.. ඕ.. යියා
ඉඟ නලවා කපමූ නෙලමූ හෝ.. ඕ.. යියා
මිටි බැඳලා හිස මත ගනිමූ
යාමූ පෙල සෑදිලා.....
යාමූ පෙල සෑදිලා......
යාමූ පෙල සෑදිලා......

මිටි බැඳලා හිස මත ගනිමූ
යාමූ පෙල සෑදිලා.....
බටලී සංගීතේ මත්වූ ගවයෝ රැලේයා
ගොපලුන් හා මිහිරේ වෙලිලා
යාවී රංචූ හෝයියා
හෝ යාවී රංචූ හෝයියා..
හෝ යාවී රංචූ හෝයියා..

රන්වන් දුල් කරලින් පැසිලා
නැමිලා බර වී.....ලා..
තල වැවිලා රමණී සෝභා
කෙත්වතු පිරිලා සාරා
හෝ කෙත්වතු පිරිලා සාරා
හෝ කෙත්වතු පිරිලා සාරා

මද සුළඟේ කුල්ලෙන් පොලලා හෝ.. ඕ.. යියා
මද සුළඟේ කුල්ලෙන් පොලලා හෝ.. ඕ.. යියා
තල වේලා බොල්පොතු හැරලා
කමතේ පිරි ධා...න්‍යා
කමතේ පිරි ධා...න්‍යා
කමතේ පිරි ධා...න්‍යා

තල වේලා බොල්පොතු හැරලා
කමතේ පිරි ධා...න්‍යා
සැම දෙවියෝ පිහිටාධාරෙන් කරැණා ලැබීලා
ගම සාරයි හාමත දුරුවී
ගොවි සිත ප්‍රීතී හෝයියා
හෝ ගොවි සිත ප්‍රීතී හෝයියා
හෝ ගොවි සිත ප්‍රීතී හෝයියා

(රන්වන් දුල් කරලින් පැසිලා
නැමිලා බර වී.....ලා..
තල වැවිලා රමණී සෝභා
කෙත්වතු පිරිලා සාරා
හෝ කෙත්වතු පිරිලා සාරා
හෝ කෙත්වතු පිරිලා සාරා)...//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.